Monster Hunter World කියන්නේ 2018 දී ලොකු අලෙවියක් ලබපු Video Game එකක් වගේම Game එක හදපු Capcom එකෙත් කලින් Records කඩපු Game එකක්. මම කවදාවත් මේ වගේ Game එකක් ගහයි කියලා හිතුවේ නෑ theRadBrad ගේ PS4 Gameplay Videos ටිකක් බලනකන්. වැඩේ කියන්නේ Part #1 එක බලපු ගමන් Game එක මරු කියලා හිතුනා.
ඒ වෙලාවේ තමයි මම හිතුවේ Monster Hunter World PC Steam වලින් Buy කරනවා කියලා, ඇත්තටම Pre-order කිරිල්ලක් ඒක.
ඒ තමයි මම Steam වලින් කරපු පළවෙනි Order එක. Game එකක් Offline හෝ Online Pre-order කරපු පළවෙනි වතාව වගේම Game එකක් Worldwide Release කරන දවසෙම ගහපු පළවෙනි වතාව.
මේ Game එක නම් මරු, මේ වෙනකන් මං ගේම එක පැය 90ක් විතර Play කරලා තියෙනවා අගෝස්තු 9 ඉඳලා. මම එච්චර පැය ගාණක් Game එකේ මොනවද කළේ කියලා බලන්න කැමති නම් මගේ MHW PC Gameplay Series එක බලන්න එන්න.
Monster Hunter World ගහන ගමන් හැම නිතරම වගේ Photos ගහන නිසා මං හිතුවා MHW Game එකෙන්ම GamesTunnel එකේ Gaming Wallpapers පැත්ත පටන්ගන්න ඕන කියලා. හරි මේ තියෙන්නේ GamesTunnel වලින් නොමිලේම දෙන පළවෙනි Wallpapers Pack එක, ඒ නිසා ඔයාගේ අදහසුත් කියන්න මොනවද වෙනස් වෙන්න ඕනා, එකතුවෙන්න ඕන කියලා පහලින්.
Download MH World PC Wallpapers Package #1
එහෙනම් ඉතින් පහළ Video එක බලන්නකෝ MHW Wallpaper Pack #1 එක Download කරගන්න Link එක දෙන්න කලින්. හා! Pack එක Download කරන්න කලින් එකේ තියෙන මොනවද කියලා Preview එකක් දෙන්න තමයි බලන්න කිව්වේ.
GamesTunnel.com එකෙන් දෙන Gaming Wallpapers වල ඇත්තටම Versions 2ක් තියෙනවා,
- GT Logo එක තියෙන Version එක
- GT Logo නැති Original Version එක
ඔයා GamesTunnel YouTube Channel එකේ Fan කෙනෙක් නම්, මං හිතනවා ඔයා අපේ ආතල් GamesTunnel Community එකේ කොටසක් කියලා මතක තියාගන්නත් එක්ක GT Logo එක තියෙන Wallpaper එකක් පාවිච්චිකරයි කියලා.
Link #1 →
MHW PC Wallpapers Pack #1 එක දෙන්න
Link #2 →
MHW PC Wallpapers Pack #1 එක දෙන්න
ලස්සන Gaming Wallpapers Series එකක ආරම්භය විතරයි මේ. ඉතින් බලාගෙන ඉන්න තවත් ඔයා ආස කරන පරණ වගේම අළුතෙන් Release වුන PC Games වල Wallpapers ගොඩක් ඉස්සරහට. මේ Monster Hunter World PC Wallpapers ඔයාගේ ආසම Social Site එකේ යාළුවොත් එක්ක Share කරන්න, Support Scorpion කෙනෙක් වෙන්න කමතියි නම්.
එහෙනම් Share It! Share It!